egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

සන්නිවේදන කතිකාවත

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මාධ්‍ය කලාව සහ සාහිත රසවින්දනය ආශ්‍රිත නිර්මාණ රසවිඳීම හා විචාරය අරමුණු කරගෙන පවත්වනු ලබන වැඩසටහනකි. සෑම මසකම පළමුවන හා තුන්වන අඟහරුවාදා දිනකදීම පස්වරු 4.00 ට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේදී පවත්වනු ලබන මෙම වැඩසටහන සඳහා විද්වතුන් සහ රසිකයින් විශාල පිරිසක් සහභාගී වේ. මෙමගින් අපේක්ෂා කරනුයේ යම් ගද්‍ය නිර්මාණයක්,පද්‍ය නිර්මාණයක් ,රුපවාහිනි වැඩසටහනක්,චිත්‍රපටියක් ,වේදිකා නාට්‍යයක් යන විවිධ නිර්මාණයන් ඇසුරින් යම් කතිකාවතක් ගොඩ නැගීමයි. එමගින් නිර්මාණකරුවන් දිරිගැන්වීම හා නිර්මාණ පිළිබඳව යම් ඇගයීමක් සිදු කරනු ඇත. මේ සඳහා සහභාගී වීමට නොහැකි වන්නන්ට ශ්‍රී ලංකා පුවතපත මණ්ඩලයේ ෆේස්බුක් පිටුව හරහා වැඩසටහන නැරඹීමේ අවස්ථාව ද සලසා ඇත.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
නො: 155/15,
කාසල් වීදිය, කොළඹ 08.
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271