No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271
තරුණ මාධ්‍යවේදීන් සඳහා වු අන්තර්ජාතික AI තාක්ෂණ වැඩමුළුවක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී 2026.01.30 වැනිදා පැවැත්විණ.
දෙස් විදෙස් මාධ්‍යවේදීහු 50කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත් වුණු මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය පිලිපීනයේ ප්‍රවීණ මාධ්‍යවෙිදියෙකු මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ පෙන් ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක සභිකයෙකු වූ අමාඩෝ ඇන්ජලෝ සර්ඡ් රොඩිරිගුස් ලකුඊස්ටා මහතා විසින් පවත්වන ලදී.
එහිදී AI තාක්ෂණය ජනමාධ්‍යවේදය සඳහා අනුගත කරගැනීමේ මුලික සිද්ධාන්ත සාකච්ඡා කෙරිණි. එමෙන්ම තාක්ෂණික දෝශ මඟහරවා ගෙන ජන සංස්කෘතියට එහි ප්‍රතිඵල උදා කරගන්නා ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
අදියර වශයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම වැඩමුළුවේ පළමු අදියර ලෙස පැවැත්වූ මෙම පළමු වැඩමුළුවේදී තවදුරටත් AI තාක්ෂණයේ ඇති අවදානම් සහගත බව හා වගකීම් විරහිත බව, මානව සම්බන්ධතා හැඩගැස්වීමෙිදී AI තාක්ෂණයේ මූලෝපායික වැදගත්කම , AI තාක්ෂණයේ ආකෘතිගත ප්‍රභවයන් හා ව්‍යුහාත්මක වෙනස්කම්, ජීවන විලාසිතා ඔප් නැංවීමේදී AI තාක්ෂණය බලපාන අයුරු, AI තාක්ෂණය මනෝ විද්‍යාත්මකව බලපාන අයුරු, දේශපාලනය සහ AI තාක්ෂණය හා තවත් කරැණු රැසක් පිළිබඳ දැනුම මෙහිදී ලබාදීමට පියවර ගැනිණ.
මෙම වැඩමුළුව සඳහා එක්වු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ , AI තාක්ෂණයේ ප්‍රතිඵල මෙරට තරුණ මාධ්‍යවේදීන් සඳහා ශාස්ත්‍රීය මටිටමින් ඉගැන්වීම වැඩමුළුවේ අරමුණ බවයි.
එසේම, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ මහ ලේකම් නිශාන්ත අල්විස් මහතා කියා සිටියේ AI තාක්ෂණය වත්මනේදී ජන සංස්කෘතිය හැඬගස්වන ප්‍රමුඛතම මෙවලම වන බැවින්, එහි ව්‍යුහාත්මක පරිචයන් ඉතා පරිස්සමෙන් කළ යුතු බවයි. මෙරට මාධ්‍ය කලාවට AI තාක්ෂණය යොදා ගන්නා ආකාරය තවමත් පවතින්නේ ප්‍රාථමික අවදියක බව කී ඔහු, සමාජ මාධ්‍ය ජාලා මෙය නිසි ලෙස හැසිරවිය යුතු බවද අවධාරණය කෙළේය.
කැන්ගරු පෝස්ට් පුවත් සංස්කාරක හා ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ අන්තර් ජාතික ලේකමි පැතුම් වික්‍රමරත්න මහතා විසින් වැඩමුළුව මෙහෙයවූ අතර මාධ්‍යවේදීන්ගේ ගැටලුද සාකච්ඡාවට ගනිමින් AI තාක්ෂණයේ ගැටලු හඳුනා ගන්නා ආකාරය හා ඒවා විසඳුම් ලබාදීම පිළිබඳව ද සාකච්ඡාවට ගැනිණ.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානය, මහා බ්‍රිතාන්‍යයේ පෙන් ඉන්ටර්නැෂනල් සංවිධානය, ඕස්ට්‍රේලියාවේ කැන්ගරු පෝස්ට් (Kangaroo Post) පුවත්පත යන ආයතන එක්ව වැඩමුළුව සංවිධාන කළ මෙම වැඩමුළුවට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, පුවත්පත් කොමසාරිස් නිරෝෂන තඹවිට,ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ සභාපති පැතුම් පැස්කුවල්, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ මහ ලේකම් නිශාන්ත අල්විස්, ලේක්හවුස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ සහකාර අධ්‍යක්ෂ කුමුදු වජිර යන මහත්වරු ද එක්ව සිටියහ.
https://www.slpc.lk/sinhala/services-sinhala/workshop/media-workshops#sigProId03dce9fa4f








