egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

මාධ්‍ය වැඩමුළු

Workshop for Provincial Journalists in the Ampara District

The Ampara District Regional Journalists’ Workshop, organized by the Sri Lanka Press Council with the coordination of the Ampara District Secretariat, was held on 25 August 2026 at the District Secretariat Auditorium. The workshop was conducted with Jagath Liyanarachchi Attorney-at-Law, and Senior Journalist Upendra Herath serving as resource persons. Senior Journalist Hilmi Mohammad facilitated the workshop and handled the translation. Ampara District Secretary Anupama Mangala Wickramarachchi and Assistant Press Commissioner Suroshana Iranga, together with regional journalists and other participants, attended the event. At the conclusion of the workshop, certificates were presented to the participating journalists in recognition of their participation.

 

මාතලේ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව 2019 මැයි 23

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ මාතලේ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුව මාතලේ" spring View” ආයතනයේදී 2019.05.22 වන දින පැවැත්විණි.

”ගැටුම් වාර්තාකරණය හා ජනමාධ්‍යවේදීයාගේ කාර්යභාරය” - ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා වූ වැඩමුළු මාලාව - 2019 අගෝස්තු 10

ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව ති‍්‍රකුණාමලය JKAB Park Hotel ආයතනයේදී පසුගියදා ( 2019.08.10 ) පැවැත්විණි.

තරුණ මාධ්‍යවේදීන් වෙනුවෙන් අන්තර්ජාතික AI තාක්ෂණ වැඩමුළුවක් පුවත්පත් මණ්ඩලයේදී...


තරුණ මාධ්‍යවේදීන් සඳහා වු අන්තර්ජාතික AI තාක්ෂණ වැඩමුළුවක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී 2026.01.30 වැනිදා පැවැත්විණ.
දෙස් විදෙස් මාධ්‍යවේදීහු 50කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත් වුණු මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය පිලිපීනයේ ප්‍රවීණ මාධ්‍යවෙිදියෙකු මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ පෙන් ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක සභිකයෙකු වූ අමාඩෝ ඇන්ජලෝ සර්ඡ් රොඩිරිගුස් ලකුඊස්ටා මහතා විසින් පවත්වන ලදී.

එහිදී AI තාක්ෂණය ජනමාධ්‍යවේදය සඳහා අනුගත කරගැනීමේ මුලික සිද්ධාන්ත සාකච්ඡා කෙරිණි. එමෙන්ම තාක්ෂණික දෝශ මඟහරවා ගෙන ජන සංස්කෘතියට එහි ප්‍රතිඵල උදා කරගන්නා ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

අදියර වශයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම වැඩමුළුවේ පළමු අදියර ලෙස පැවැත්වූ මෙම පළමු වැඩමුළුවේදී තවදුරටත් AI තාක්ෂණයේ ඇති අවදානම් සහගත බව හා වගකීම් විරහිත බව, මානව සම්බන්ධතා හැඩගැස්වීමෙිදී AI තාක්ෂණයේ මූලෝපායික වැදගත්කම , AI තාක්ෂණයේ ආකෘතිගත ප්‍රභවයන් හා ව්‍යුහාත්මක වෙනස්කම්, ජීවන විලාසිතා ඔප් නැංවීමේදී AI තාක්ෂණය බලපාන අයුරු, AI තාක්ෂණය මනෝ විද්‍යාත්මකව බලපාන අයුරු, දේශපාලනය සහ AI තාක්ෂණය හා තවත් කරැණු රැසක් පිළිබඳ දැනුම මෙහිදී ලබාදීමට පියවර ගැනිණ.

මෙම වැඩමුළුව සඳහා එක්වු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ , AI තාක්ෂණයේ ප්‍රතිඵල මෙරට තරුණ මාධ්‍යවේදීන් සඳහා ශාස්ත්‍රීය මටිටමින් ඉගැන්වීම වැඩමුළුවේ අරමුණ බවයි.

එසේම, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ මහ ලේකම් නිශාන්ත අල්විස් මහතා කියා සිටියේ AI තාක්ෂණය වත්මනේදී ජන සංස්කෘතිය හැඬගස්වන ප්‍රමුඛතම මෙවලම වන බැවින්, එහි ව්‍යුහාත්මක පරිචයන් ඉතා පරිස්සමෙන් කළ යුතු බවයි. මෙරට මාධ්‍ය කලාවට AI තාක්ෂණය යොදා ගන්නා ආකාරය තවමත් පවතින්නේ ප්‍රාථමික අවදියක බව කී ඔහු, සමාජ මාධ්‍ය ජාලා මෙය නිසි ලෙස හැසිරවිය යුතු බවද අවධාරණය කෙළේය.
කැන්ගරු පෝස්ට් පුවත් සංස්කාරක හා ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ අන්තර් ජාතික ලේකමි පැතුම් වික්‍රමරත්න මහතා විසින් වැඩමුළුව මෙහෙයවූ අතර මාධ්‍යවේදීන්ගේ ගැටලුද සාකච්ඡාවට ගනිමින් AI තාක්ෂණයේ ගැටලු හඳුනා ගන්නා ආකාරය හා ඒවා විසඳුම් ලබාදීම පිළිබඳව ද සාකච්ඡාවට ගැනිණ.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානය, මහා බ්‍රිතාන්‍යයේ පෙන් ඉන්ටර්නැෂනල් සංවිධානය, ඕස්ට්‍රේලියාවේ කැන්ගරු පෝස්ට් (Kangaroo Post) පුවත්පත යන ආයතන එක්ව වැඩමුළුව සංවිධාන කළ මෙම වැඩමුළුවට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, පුවත්පත් කොමසාරිස් නිරෝෂන තඹවිට,ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ සභාපති පැතුම් පැස්කුවල්, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ මහ ලේකම් නිශාන්ත අල්විස්, ලේක්හවුස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ සහකාර අධ්‍යක්ෂ කුමුදු වජිර යන මහත්වරු ද එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

අනුරාධපුර දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව 2019 ජුනි 22

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ අනුරාධපුර දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව අනුරාධපුරයේ Creston Park Hotel ආයතනයේදී පසුගියදා ( 2019.06.22 ) පැවැත්විණි.

නැගෙනහිර පළාත් ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සඳහා වූ වැඩමුළුවනැගෙනහිර පළාත් ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සඳහා වූ වැඩමුළුව 2019 අප්‍රේල් 11

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය හා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහන යටතේ සංවිධානය කළ නැගෙනහිර පළාත් ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සඳහා වූ වැඩමුළුව මඩකලපුව දිස්ති‍්‍රක්කය පදනම් කරගනිමින් මඩකලපුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී 2019.04.10 දින ඉතා සාර්ථක අන්දමින් පැවැත් විය.

පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුව


ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කළ අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව අනුරාධපුර ජාතික පසු අස්වනු තාක්ෂණ ආයතනයේදී 2025.01.25 වැනිදා පැවැත් වුණි.
" යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය " මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වී සිටියහ.  
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවේදී මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා ප්‍රධාන දේශන පැවැත්වූූ අතර වැඩසටහන සංවාද සහ සාකච්ඡා ඇසුරින් පැවැත්විණි.
ජනමාධ්‍යවේදියා යනු ප්‍රබුද්ධ සමාජයේ කොටසක් බවත් එහි මානසික හා වෘත්තිමය ක්‍රියාවලියක කොටසක් ලෙස මාධ්‍යවේදියා විසින් වගකීම් ඉටු කළ යුතු බවත් 'ජනමාධ්‍යවේදියාගේ වගකීම හා එහි වැදගත්කම' යන මැයෙන් සිය දේශනය ඉදිරිපත් කළ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසීය. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මාධ්‍යවේදියකු වශයෙන් අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළහ.
'යහපත් සමාජයක් ගොඩනැගීමෙහිලා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය' යන මැයෙන් පැවැත් වූ දේශනයේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා පැවසුවේ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම සඳහා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය තුළ ඉහළ වගකීමක් පවතින බවයි.
කාලීන වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි වැඩමුළු පැවැත්වීම තම වෘත්තීය කටයුතුවලට මහත් ප්‍රයෝජනවත් බව වැඩමුළුවට සහභාගී වූ මාධ්‍යවේදීහු ප්‍රකාශ කළහ.
වැඩමුළුව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සහ සහකාර පුවත්පත් කොමසාරිස් සුරෝෂන ඉරංග මහතා ඇතුළු පිරිස සහභාගි විය. 

ගම්පහ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව 2019 නොවැම්බර් 30

ශීි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ ගම්පහ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව ගම්පහ " Samara Banquet Hall" ආයතනයේදී පසුගියදා ( 2019.11.30) පැවැත්විණි.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271