egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

වෙනත්

බප/කැල/බොල්ලෑගල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයට අදාළව සන්නිවේදන ප්‍රතිපත්ති සහ මාධ්‍ය නියාමනය විෂය ඒකකය සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට බප/කැල/බොල්ලෑගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 2022.11.11 වැනිදා සහභාගි වූහ. පාසලේ විදුහල්පති ඩී.සෝලංගආරච්චිගේ මහතාගේ සහ සන්නිවේදන විෂය භාර අචලා ලියනගේ ගුරු මහත්මියගේ ඉල්ලීමක් අනුව පැවති මෙම වැඩසටහනේදී පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ඇතුළු මණ්ඩලයේ නිලධාරීහු සිසුන් ‍දැනුවත් කිරීමේ දේශන පැවැත්වූහ. පුවත්පත් මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කළ ප්‍රකාශන කට්ටලයක් ද මෙහිදී පාසලට පිරිනැමුණි. උසස් ‍පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ නියැලෙන ඔබ පාසලේ / ආයතනයේ සිසුන්ට ද පැමිණ ජනමාධ්‍ය නියාමනය හා ආචාරධර්මවලට අදාළව මණ්ඩලය මඟින් පවත්වන දේශන සඳහා සම්බන්ධ විය හැකි අතර පූර්ව දැනුම්දීමක් සිදුකිරීමෙන් ඒ් සඳහා අවස්ථාව ලබාගත හැකිය. තව ද ඔබ පාසලේ /ආයතනයේ ජනමාධ්‍ය සංගම් අප මණ්ඩලයේ ලියාපදිංචි කර මණ්ඩලය මඟින් පවත්වන වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට ද අවස්ථාව පවතී.

 

කෙටි චිත‍්‍රපට පිළිබඳ ප‍්‍රායෝගික වැඩමුලුව

මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන් වෙනුවෙන් පැවැත් වූ කෙටි චිත‍්‍රපට පිළිබඳ ප‍්‍රායෝගික වැඩමුලුව.
මෙහෙයවීම - කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ මහතා.

පුවත්පත් ජායාරූප කලාව" පිළිබඳ ප‍්‍රායෝගික වැඩමුලුව

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන පුවත්පත් කලාව පිළිබඳ සහතික පත‍්‍ර පාඨමාලාවේ "පුවත්පත් ජායාරූප කලාව" පිළිබඳ ප‍්‍රායෝගික වැඩමුලුව කොළඹ කොටුව පාවෙන වෙළඳ නගරය සහ දුම්රිය ස්ථානය ආශි‍්‍රතව පසුගිය දා පැවැත්විණ. ජ්‍යෙෂ්ඨ ජායාරූප ශිල්පිනී යමුණි රශ්මිකා පෙරේcරා මහත්මිය විසින් වැඩමුලුව මෙහෙය වන ලදී.

කඩවත සයන්ස් ඉමේජ් ආයතනයේ සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය විෂය හදාරනු ලබන කඩවත සයන්ස් ඉමේජ් ආයතනයේ සිසු සිසුවියෝ 2022.10.31 වැනිදා ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කාර්යයන් අධ්යයනය කිරීමේ ක්ෂේත්ර චාරිකාවක නිරත වූහ. උපුල් මාන්නප්පෙරුම ගුරු මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම චාරිකාව සංවිධාන කර තිබූ අතර, පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ඇතුළු මණ්ඩලයේ නිලධාරීන් විසින් මණ්ඩලයේ කාර්යයන් පිළිබඳ එහිදී සිසුන්ව දැනුවත් කරන ලදි. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්ය අධ්යයනයේ නියැලෙන ඔබ පාසලේ / ආයතනයේ සිසුන්ට ද පැමිණ ජනමාධ්ය නියාමනය හා ආචාරධර්මවලට අදාළව මණ්ඩලය මඟින් පවත්වන දේශන සඳහා සම්බන්ධ විය හැකි අතර පූර්ව දැනුම්දීමක් සිදුකිරීමෙන් ඒ් සඳහා අවස්ථාව ලබාගත හැකිය. තව ද ඔබ පාසලේ / ආයතනයේ ජනමාධ්ය සංගම් අප මණ්ඩලයේ ලියාපදිංචි කර මණ්ඩලය මඟින් පවත්වන වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට ද අවස්ථාව පවතී.

"මාර්ටින් වික්‍රමසිංහ පුවත්පත් කලා මෙහෙවර” මැයෙන් යුත් සම්මන්ත්‍රණය

ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ VII වන කණ්ඩායමේ සිසුන් කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ 2019/06/08 වන දින සිදු කල අධ්‍යයන චාරිකාව හා "මාර්ටින් වික්‍රමසිංහ පුවත්පත් කලා මෙහෙවර” මැයෙන් යුත් සම්මන්ත්‍රණය.

උතුරු මැද පළාත් ගුරු පුහුණු වැඩමුලුව

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කළ උතුරු මැද පළාත් ගුරු පුහුණු වැඩමුලුව 2020.02.14 දින උතුරු මැද පළාත් අධ්‍යාපන කාර්යාලයට අයත් සම්පත් මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ. සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ හා ආචාර්ය ටියුඩර් වීරසිංහ යන විද්වතුන් විසින් මෙහිදී දේශන පැවැත්විය. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය උගන්වන ගුරුවැරුන් රැසක් මෙයට සහභාගි වූ අතර නව විෂය නිර්දේශය පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් විය.

කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නැරඹීමේ අධ්‍යයන චාරිකාව

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙහෙයවන මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ ix වැනි කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නැරඹීමේ අධ්‍යයන චාරිකාවක 2022.10.29 වැනිදා නිරත වූහ. දේශීය සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා අද්විතීය මෙහෙවරක නිරත වූ ගත්කරුවර මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුවත්පත් කලා මෙහෙවර පිළිබඳ පාඨමාලා සිසුන්ට අවබෝධයක් ලබාදීම හා සන්නිවේදන පර්යේෂණ පිළිබඳ සිසුන්ට ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම ද මෙම චාරිකාව සංවිධාන කිරීමේ මූලික අරමුණ විය. පාඨමාලා සමායෝජක සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ උපදේශනය යටතේ සිසුන් විසින් මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ "ඉරුණු කබාය" කෙටි කතාව ඇසුරින් නාට්‍යයක්ද මෙහිදී ඉදිරිපත් කළ අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුවත්පත් කලා මෙහෙවර පිළිබඳ ප්‍රධාන දේශනය සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරාණි මහත්මිය විසින් කොග්ගල කෞතුකාගාර පරිශ්‍රයේදී පවත්වන ලදි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ජීවන චරිතය හා මෙහෙවර අළලා සැකසුණ "විකුම්සිහවත" කෙටි චිත්‍රපටය නැරඹීමට ද සිසුන්ට මෙහිදී අවස්ථාව හිමිවූ අතර මාර්ටින් වික්‍රමසිංහ භාරය වෙනුවෙන් ජේ. ජයනෙත්ති මහතා විසින් සිසුන්ට දේශනයක් පවත්වන ලදි. මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ පුස්තකාලය වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ප්‍රකාශන කට්ටලයක් පිරිනැමීම ද පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා අතින් සිදුකෙරිණ. සිසුන් වෙනුවෙන් මෙම චාරිකාවට සම්බන්ධ වී ඔවුන්ව දැනුවත් කිරීමට දායක වූ මහත්ම මහත්මීන්ට මණ්ඩලය වෙනුවෙන් ස්තුතිය පළ කර සිටිමු.

ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය ඉගැන්වීමේ නියැලෙන ගුරුවරුන් සඳහා වූ සම්මන්ත්‍රණ මාලාව - (මධ්‍යම පළාත)

සංවිධානය : ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කළ මධ්‍යම පළාත් ගුරු පුහුණු වැඩමුළුව 2020.09.25 දින මහනුවර දී පැවැත්විණ.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271