egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

ප්‍රවෘත්ති නිවේදන

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ආචාරධර්ම සංග්‍රහයේ 40 වැනි සංවත්සර සැමරුම

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ආචාරධර්ම සංග්‍රහයට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ සංවත්සර සැමරුම ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.10.14 වැනිදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී Zoom ඔස්සේ පැවැත්වුණි. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර හා තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වී සිටිහය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත සහ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන යන මහත්වරු මෙහිදී ආරාධිත දේශන පැවැත්වූහ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වෙබ්අඩවිය නව මුහුණුවරකින් එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරිණ. සංවත්සරය නිමිත්තෙන් මුල්දින කවරයක් සහ සමරු මුද්දරයක් ද එළිදක්වන ලදි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට යන මහත්වරු ද මෙහිදී අදහස් පළකළහ.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
නො: 155/15,
කාසල් වීදිය, කොළඹ 08.
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271