egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

පුවත්පත් පැමිණිලි

Image

පුවත්පත් පැමිණිලි

පුවත්පත්වලට එරෙහිව ලැබෙන පැමිණිලි විභාග කිරීම

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රකාශයට පත්කරනු ලබන කවර හෝ පුවත්පතක යම් පුද්ගලයකු සංවිධානයක් හෝ ආයතනයක් පීඩාවට පත් කරන ආකාරයේ පුවතක් හෝ වාර්තාවක් පළවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කළ හැකිය. අදාල පැමිණිල්ල ලද පසු එය විමර්ශනය කර දෙපාර්ශවය ගෙන්වා පැමිණිලි විභාග කර පුවත්පත් මණ්ඩලය මණ්ඩල පනතට අනුව නීතිමය කටයුතු සිදු කෙරේ. එසේ පුවත්පත් වාර්තාවකින් ඒවායේ පළවන ලිපි/විශේෂාංග අසත්‍ය කරුණු මත හෝ අපහාසාත්මක අයුරින් ලියා පළකර ඇත්නම් එමගින් පාඨකයින්ට සිදුවන අපකීර්තිය සම්බන්ධව මණ්ඩලය මඟින් සත්‍ය පැහැදිලිකර අදාළ පුවත්පතට විරුද්ධව කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

පුවත්පත් පැමිණිලි ඉදිරිපත් කිරීමේදී අදාල පුවත්පත් වාර්තාවේ පිටපතක් සමඟ පැමිණිල්ලට ලිකිතව ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙන්වාගෙන බාරදිය යුතුය. පැමිණිල්ල දිවුරුම් ප‍්‍රකාශයක් මඟින් ඉදිරිපත් කිරීමේදී වඩා කාර්යක්ෂමව පරීක්ෂණ කටයුතු කිරීමේ හැකියාවක් ඇත.

2012 වසරේ මණ්ඩලයට ලැබුණු පැමිණිලි හා ඒ වෙනුවෙන් ගන්නා ලද කි‍්‍රයා මාර්ග.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271