egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ viii වැනි කණ්ඩායමේ හා පුවත්පත් කලාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවේ i වැනි කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවය

ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පැවැත්වූ මාධ්ය අධ්යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ viii වැනි කණ්ඩායමේ හා පුවත්පත් කලාව පිළිබඳ සහතිකපත්ර පාඨමාලාවේ i වැනි කණ්ඩායමේ සහතිකපත් ප්රදානෝත්සවය ගරු ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්රධානත්වයෙන් රාජගිරිය බැංකු විදුපියසේදී ඊයේ පැවැත්වුණි. සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි මහතා විසින් මෙම උත්සවයේ මුඛ්ය දේශනය පවත්වන ලදි. පාඨමාලා සමායෝජකවරුන් වන සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්ර, මහාචාර්ය ටියුඩර් වීරසිංහ හා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්යෙෂ්ඨ කථීකාචාර්ය මහින්ද පතිරණ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

රටා මවන වේවැල් - වාර්තා වැඩසටහන

ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන මාධ්ය අධ්යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 8 වන කණ්ඩායමේ සිසුන් විසින් සිය ප්‍රථම වාර්තා වැඩසටහන "රටා මවන වේවැල් " පසුගියදා රූපගත කරන ලද්දේ හිදීය.මෙහිදී ලංකාවේ සාම්ප්‍රදායික වේවැල් කර්මාන්තය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පර්යේෂණාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ඔවුන් සමත් විය.

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තිකත්වය, සුබසාධනය, අධ්‍යාපනය අරමුණු කරගත් සංවිධානයක් පිහිටුවීම

මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව ඩිප්ලෝමා පාඨමාලාවේ කණ්ඩායම් 7ක් වෙනුවෙන් මේ වන විට ඩිප්ලෝමා පිරිනමා ඇත. 8 වන කණ්ඩායමේ අධ්‍යයන කටයුතු මේ දිනවල සිදු වේ. ඒ අනුව මෙම මණ්ඩලයේ අපේක්ෂාව වී ඇත්තේ මෙම සියළු කණ්ඩායම් ඒකරාශී කරගනිමින් ඔවුන්ගේ වෘත්තිකත්වය, සුබසාධනය හා අධ්‍යාපනය තවදුරටත් උසස් කිරීම සඳහා යම් සංවිධානයක් පිහිටුවා ගැනීමයි. ඒ අනුව මේ පිළිබඳ මූලික සාකච්ජාවක් 2020.02.22 වන දින පෙ.ව 9.30 ට ශී‍්‍ර පුවත්පත් මණ්ඩලයේ පැවත්වෙන බැවින් සියළු කණ්ඩායම් නියෝජනය කරන ඩිප්ලෝමාධාරීන්ට ඒ සඳහා සහභාගි වන මෙන් ආරාධනා කර සිටිමු.

මේ පිළිබඳ වැඩිදුර විමසීම් පාඨමාලා සහය සමායෝජකගෙන් ලබා ගත හැකි බව කාරුණිකව දැනුම් දෙමු.

"මාධ්‍ය සමීක්ෂා - iv” ශාස්ත්‍රීය කෘතිය එළිදැක්වීම

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් ප්‍රකාශිත "මාධ්‍ය සමීක්ෂා - iv” ශාස්ත්‍රීය කෘතිය එළිදැක්වීමේ උත්සවය 2022 මාර්තු 02 වැනිදා රජයේ දෙපාර්තමේන්තු ශ්‍රවණගාරයේදී පැවැත්වුණි. ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වුණි.

"මාධ්‍ය සමීක්ෂා - iv” කෘතිය ආචාර්ය එඩ්වින් ආරියදාස උපහාර කලාපය ලෙස නම් කර තිබේ.

උත්සවයේ ප්‍රධාන දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පැවැත්වූ අතර උපහාර කලාප ශාස්ත්‍රීය දේශනය ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් පවත්වනු ලැබීය.

ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාට උපහාර දක්වමින් එතුමාගේ ඥාතියෙකු වෙත උපහාර කලාපය මෙහිදී පිළිගන්වන ලදි.

පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශවලට අදාළව ශාස්ත්‍රීය කෘති 13 ක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මීට පෙර ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව "මාධ්‍ය සමීක්ෂා - iv" මෙවර කලාපය "සමාජ මාධ්‍යයේ නැගීම” ලෙස නම් කර තිබේ.

සමාජ මාධ්‍ය පිළිබඳ විද්වතුන් රැසක් මෙවර කලාපය සඳහා ලිපි ඉදිරිපත් කර ඇත.

2021 පෙබරවාරි - "අහිමි"

ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන මාධ්ය අධ්යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 8 වන කණ්ඩායමේ සිසුන් විසින් සිය ප්‍රථම කෙටි චිත්‍රපටිය ''අහිමි ' හි රූගත කිරීම් පසුගිය පෙබරවාරි මස සිදු කරන ලදී. මෙහි කතා තේමාව, රූගත කිරීම, සංස්කරණය ඇතුළු සියලු පුර්ව හා ලද්දේ එම කණ්ඩායමේම අධ්‍යයන කටයුතුවල නිරත වන සිසුන් විසිනි. සිසුන්ගේ නිරමාණශීලී හැකියාව මෙන්ම ප්‍රායෝගික හැකියාව වැඩිදියුණු කිරීම මෙහි ප්‍රමුඛතම අපේක්ෂාවයි.

මාධ්‍ය අධ්‍යනය හා පුවත්පත් කලාව" ඩිප්ලෝමා පාඨමාලාවේ VII වන කණ්ඩායමේ සහතිකපත‍්‍ර ප‍්‍රධානෝත්සවය

"මාධ්‍ය අධ්‍යනය හා පුවත්පත් කලාව" ඩිප්ලෝමා පාඨමාලාවේ VII වන කණ්ඩායමේ සහතිකපත‍්‍ර ප‍්‍රධානෝත්සවය 2019-12-18 දින ගරු විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් BMICH හිදී අභිමානවත් අන්දමින් පැවැත්විය.

"පුවත්පත් කලා සමීක්ෂා I" කෘතියේ ඉ-පිටපත (e-Book) ලබාගන්න

"පුවත්පත් කලා සමීක්ෂා I" කෘතියේ ඉ-පිටපත (e-Book) ලබාගැනීම සඳහා රු. 200/= ක මුදලක් බොරැල්ල මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 078100142268327 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල අරමුදල් ගිණුමට බැර කර රිසිට්පත This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන්න.

2021 ජනවාරි 16 - ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ විද්වත් සමුළුව

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ විද්වත් සමුළු මාලාවේ පළමු සමුළුව 2021 ජනවාරි මස 16 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණ. මෙහි පළමු සැසිය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ජනසන්නිවේදන අධ්‍යනාංශවල කථිකාචාර්යවරුන් හා ජේෂ්ඨ කථිකාචාර්යවරුන් සමඟ පැවැත්වුණු අතර එහිදී පුවත්පත් මණ්ඩල පනත ප්‍රතිව්‍යුහගත කිරීම හා එයට අදාළ න්‍යායික හා සංකල්පමය කරුණු සාකච්ඡා කරන ලදී. මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය , කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ජේෂ්ඨ කථිකාචාර්යවරුන් සහභාගී විය.

පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවය පසුගියදා (2019. 08. 16) ගරු ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මාධ්‍ය සමීක්ෂා III කෘතියේ ඉ-පිටපත (e-Book) ලබාගන්න

"මාධ්‍ය සමීක්ෂා III" කෘතියේ ඉ-පිටපත (e-Book) ලබාගැනීම සඳහා රු. 300/= ක මුදලක් බොරැල්ල මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 078100142268327 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල අරමුදල් ගිණුමට බැර කර රිසිට්පත This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන්න.

විමසීම්: 011-2693272

 

Zoom තාක්ෂණය ඔස්සේ පුවත්පත් පැමිණිලි විභාග කිරීම

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ඉතිහාසයේ ප්‍රථම වතාවට Zoom තාක්ෂණය ඔස්සේ පුවත්පත් පැමිණිලි විභාග කිරීම ඊයේ දින සිදුවිය. (2020/12/08 ) මේ සඳහා අදාළ පැමිණිලි නියෝජනය කරමින් පුවත්පත් ආයතන,නීතිඥවරුන් ඇතුළු විවිධ පාර්ශව සහභාගී වුහ.

මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන් වෙනුවෙන් පැවැත් වූ කෙටි චිත‍්‍රපට පිළිබඳ ප‍්‍රායෝගික වැඩමුලුව

මෙහෙයවීම - කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ මහතා.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ “මණ්ඩල සංකතිකා” පෝස්ටර් චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්

"කොවිඩ් - 19 වාර්තාකරණය සහ ජනමාධ්‍ය වගකීම" මැයෙන් මෙම පෝස්ටර් චිත්‍ර තරගය පැවැත්වූ අතර එහිදී පාසල් සහ විවෘත අංශ යටතේ ජයග්‍රාහකයින් තෝරාගන්නා ලදි.

පාසල් අංශය

ප්‍රථම ස්ථානය - අරුණි දිශාන්ති කුරුප්පු නානායක්කාර

දෙවන ස්ථානය - එස්.ඒ. පියුමි අප්සරා සතුරුසිංහ

තෙවන ස්ථානය - ඩී. තරූෂා නෙත්මි

කුසලතා සහතික

  • සඳරු කවීෂ නෙත්මිණ
  • ජී.එච්. හිරුණි වාසනා සිල්වා
  • අරෝෂණී ප්‍රේමදාස
  • කාවින්ද්‍යා හර්ෂමාලි
  • ඩී.එම්. ඉමේෂා තීක්ෂණී
  • ආර්.එම්. ලලන්ත රුචිර ප්‍රභාෂණ
  • එච්.එල්. එෂාන් එරන්ද

විවෘත අංශය

ප්‍රථම ස්ථානය - ලහිරු චමුදිත කුලතුංග

දෙවන ස්ථානය - සුමුදු සමන්තිකා ජයතිලක

1

2

3

4

5

2020 සැප්තැම්බර් - වර්තමාන සන්නිවේදන ප්‍රවණතා හා ජනතා අයිතිවාසිකම් පිළිබඳ ග්‍රාහක සමීක්ෂණය - 2020

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ජනසන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායික දැනුම වර්ධනයෙහිලා විවිධාකාර වැඩසටහන් දියත්කරනු ලබයි. එහි එක් පියවරක් ලෙස සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය උගන්වනු ලබන ගුරුවරුන් සඳහා වු වැඩමුළු මාලාවේ තවත් වැඩසටහනක් වශයෙන් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණ. මෙම වැඩසටහනට මහනුවර,මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය උගන්වනු ලබන සියලුම ගුරු මහත්ම මහත්මීන් සහභාගි වුහ. එහිදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබනීවර්තමාන සන්නිවේදන ප්‍රවණතා හා ජනතා අයිතිවාසිකම් පිළිබඳ ග්‍රාහක සමීක්ෂණය -2020 පර්යේෂණ කාර්ය සඳහා දත්ත දායකයින් ලෙස සහභාගි වීමේ අවස්ථාවක් ද ඔවුන්ට හිමිවිය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශී‍්‍ර පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා වෙත පුවත්පත් කලාව පිළිබඳ සහතික පත‍්‍ර පාඨමාලාවේ පාඨමාලා සමායෝජක ලෙස පත්වීමේ ලිපිය ප්‍රදානය කිරීම

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පැවැත්වීමට නියමිත පුවත්පත් කලාව පිළිබඳ සහතික පත‍්‍ර පාඨමාලාවේ පාඨමාලා සමායෝජක ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශී‍්‍ර පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා වෙත පත්වීමේ ලිපිය ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා විසින් භාර දුන් මොහොත.

පුවත්පත්වලට එරෙහිව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට ලැබෙන පැමිණිලි විභාග කිරීම සම්බන්ධ සාකච්ජාව

ශ‍්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයට ලැබෙන පැමිණිලි විභාග කිරීමේදී ඉතා සුහඳශීලීව සහ කාර්යක්‍ෂමව විභාග කළ යුතු බවට යෝජනා කරමින් ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අභිනවයෙන් පත් වූ සභාපති අධ්‍යක්‍ෂ මණ්ඩලය, පුවත්පත් කර්තෘවරුන්, නීතීඥවරුන් සහ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡුාවක් 2020.02.24 දින රාජගිරිය "බැංකු විදුපියස” පරිශ‍්‍රයේදී පැවැත්විය.

සන්නිවේදන අධ්‍යයන පාරිභාෂික ශබ්දමාලාව” ග‍්‍රන්ථය එළිදැක්වීම හා "කුමාරතුංග මුනිදාස සාහිත්‍ය කලා මෙහෙවර” මැයෙන් පැවැත් වූ රචනා තරගයේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය

සන්නිවේදන අධ්‍යයන පාරිභාෂික ශබ්දමාලාව” ග‍්‍රන්ථය එළිදැක්වීම හා "කුමාරතුංග මුනිදාස සාහිත්‍ය කලා මෙහෙවර” මැයෙන් පැවැත් වූ රචනා තරගයේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය.

ශීි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන "සන්නිවේදන අධ්‍යයන පාරිභාෂික ශබ්දමාලාව” ග‍්‍රන්ථය එළිදැක්වීම හා "කුමාරතුංග මුනිදාස සාහිත්‍ය කලා මෙහෙවර” මැයෙන් පැවැත් වූ රචනා තරගයේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය. රාජගිරිය "බැංකු විදුපියස” ශාලාවේදී පසුගියදා (2019.07.10) පැවැත්විණි.

ජනමාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටලයක් ප්‍රදානය කිරීමේ අවස්ථාව

ජනමාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල ලබාදීමේ උත්සවය ගරු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 දෙසැම්බර් මස 22 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි . මේ සඳහා විවිධ පළාත් හා විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් සහභාගී වූ අතර මෙම උත්සවය සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත්.පී.විජේවීර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට යන මහත්වරු සහභාගී වුහ.

පරිසර සන්නිවේදන වැඩසටහන

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළුවට සමගාමීව " පරිසර සන්නිවේදන” වැඩසටහනක් 2020.02.27 වන දින පානදුර "Beach Park” ප‍්‍රදේශය මුල් කරගෙන සිදු කරන ලදි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් අගයමින් ඔවුන් සඳහා මූල්‍ය අනුග‍්‍රහයන් ලබා දීමේ වැඩසටහන

1973 අංක 05 දරණ ශී‍්‍රි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් පිහිටුවා ඇති ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ප‍්‍රධාන පරමාරථයක් වූ ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින් ප‍්‍රථම වරට කි‍්‍රයාත්මක කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් අගයමින් ඔවුන් සඳහා මූල්‍ය අනුග‍්‍රහයන් ලබා දීමේ වැඩසටහනේ පළමු අදියරයේ අවසන් වැඩසටහන 2019.06.13 දින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා මහතා වෙනුවෙන් පානදුරේ පිහිටි එතුමන්ගේ නිවසේදී පැවැත්විණි.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
නො: 155/15,
කාසල් වීදිය, කොළඹ 08.
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271