egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් අගයමින් ඔවුන් සඳහා මූල්‍ය අනුග‍්‍රහයන් ලබා දීමේ වැඩසටහන

1973 අංක 05 දරණ ශී‍්‍රි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් පිහිටුවා ඇති ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ප‍්‍රධාන පරමාරථයක් වූ ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින් ප‍්‍රථම වරට කි‍්‍රයාත්මක කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් අගයමින් ඔවුන් සඳහා මූල්‍ය අනුග‍්‍රහයන් ලබා දීමේ වැඩසටහනේ පළමු අදියරයේ අවසන් වැඩසටහන 2019.06.13 දින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා මහතා වෙනුවෙන් පානදුරේ පිහිටි එතුමන්ගේ නිවසේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම.

නවතම ප්රකාශය වන - මාධ්ය සමීක්ෂා 3 ග්‍රන්ථය පිළිගැන්වීම

ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින්, අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ සන්නිවේදන විෂය හදාරන සිසුන් ,විශ්වවිද්යාල විද්යාර්ථීන් සහ සන්නිවේදන විෂය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ඉලක්ක කර ප්රකාශයට පත් කරනු ලැබූ නවතම ප්රකාශය වන —මාධ්ය සමීක්ෂා 3˜ ශ්රී ලංකා ජාතික පුස්තකාලයේ කළමනාකාර අධ්යක්ෂ ඩබ්. සුනිල් මහතාට සහ කොළඹ මහජන පුස්තකාලයේ ප්රධාන පුස්තකාලයාධිපති වරුණි ගඟබඩආරච්චි මහත්මිය වෙත ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සහකාර පුවත්පත් කොමසාරිස් අයේශ් විජයසිංහ මහතා විසින් අද දින පිළිගන්වන ලදී.

නවතම ප‍්‍රකාශනය වන සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ පාරිභාෂික ශබ්ද මාලාව අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගැන්වීම

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ නවතම ප‍්‍රකාශනය වන සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ පාරිභාෂික ශබ්ද මාලාව අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වනු ලැබූ අවස්ථාව (2019-06-25) එය නොබෝ දිනකින්ම ඔබ අතට,

බංගලාදේශ පුවත්පත් මණ්ඩල දිනය

මේ මස 17 වන දින සිට 21 වන දි දක්වා බංගලාදේශයේ පැවත්වෙන "බංගලාදේශ පුවත්පත් මණ්ඩල දිනය” නමිති කරගෙන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ බන්දුල වෙල්ලාල මහතා , දඹුල්ල ප්රාදේශීය මාධ්යව්දී කංචන කුමාර ආරියදාස මහතා සහ ලංකාදීප පුවත්පතේ මාධ්යවේදී පුෂ්පකුමාර ජයරත්න මහතා සහභාගි විය.

මාධ්‍ය අධ්යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ VII වන කණ්ඩායම සඳහා අධ්‍යන කටයුතු ආරම්භ කිරීම

මාධ්‍ය අධ්යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ VIII කණ්ඩායමේ අධ්‍යයන කටයුතු 2020.01.04 වන දින ආරම්භ විය.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271