egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම.

1973 අංක 05 දරණ ශී‍්‍රි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් පිහිටුවා ඇති ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ප‍්‍රධාන පරමාරථයක් වූ ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින් ප‍්‍රථම වරට කි‍්‍රයාත්මක කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් අගයමින් ඔවුන් සඳහා මූල්‍ය අනුග‍්‍රහයන් ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර 2019.05.29 සහ 30 යන දිනයන්හිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනෙකු කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඩිප්ලෝමා පාඨමාලා, ප‍්‍රදේශීය මාධ්‍යවේදී වැඩමුළු, විදේශීය පුවත්පත් මණ්ඩලය සමඟ සංවිධානය කරන වැඩසටහන්, විෂයානුබද්ධ ප‍්‍රකාශන, පර්යේෂණ හා සංකථනයන් වැනි විවිධ වැඩසටහහන් සංවිධානය කළ ශී‍්‍රි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය පුවත්පත් කලාවට මහගු මෙහෙවරක් ඉටු කළ ප‍්‍රකට පුවත්පත් කලාවේදීන් වෙනුවෙන් මූල්‍ය අනුග‍්‍රහයන් ලබා දීම සිදු කරන්නේ මණ්ඩලය මගින් ඔවුනට ඉටුවිය යුතු යුතුකමක් මෙන්ම ගෞරවයක් ද වශයෙනි.

ඒ අනුව ටයිම්ස් ඔෆ් සිලොන් පුවත්පතේ මෙන්ම ලංකාදීප පුවත්පතේ ආරම්භක සමාජිකයන් සත් දෙනාගෙන් එක් අයෙකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. එල්. කේ පෙරේරා මහතා සහ ලේක් හවුස් ආයතනය, දිවයින පුවත්පත හා ලක්මිණ පුවත්පත සමග කටයුතු කරමින් සම්මත පුවත්පත් කලාව නව දිශානතියකට යොමුකරමින් ගවේෂණාත්මක මාධ්‍යකරණයක යෙදුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතා වෙත පුවත්පත් කලාවට සිදු වූ මෙහෙවර අගයමින් මූල්‍ය පරිත්‍යාගයන් එම මාධ්‍යවේදීන්ට ගෞරවයක් වශයෙන් ඔවුනගේ නිවසට පැමිණ ලබාදීමට ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් කටයුතු සම්පාදනය කරන ලදී.

මේ අවස්ථාවට ජනමාධ්‍ය ඇමති ගරු රුවන් විජයවර්ධන මැතිතුමා, ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා ඇතුලූ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දෙඹගහවත්ත මහතා, පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, සහකාර පුවත්පත් කොමසාරිස් අයේශ් විජයසිංහ සහ ගණකාධිකාරී කුෂාන් දේවපි‍්‍රය යන මහත්වරුන් සහභාගි වූහ. තවද ඉදිරියේදී මෙම වැඩයටහන මේ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක කිරීමට නියමිත.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271