egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

පුවත්පත් ලියාපදිංචි කිරීම

පුවත්පත් ලියාපදිංචි කිරීම

1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත අනුව මෙරට තුළ ප‍්‍රකාශනය කරනු ලබන සියලූම පුවත්පත්, සඟරා, වාර ප‍්‍රකාශන ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතුය.

එබැවින් මෙතෙක් ලියාපදිංචි නොකරන ලද උක්ත ප‍්‍රකාශනයක් ඇතොත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අංක: 1797/21 රෙගුලාසි ප‍්‍රකාරව කඩිනමින් ලියාපදිංචි විය යුතු බව මෙයින් දන්වා සිටිමි.

ඒ අනුව සෑම වසරකම මාර්තු 31 වන දිනෙන් පසුව ලියාපදිංචි කරන පුවත්පත් සඳහා මසකට රු. 500/- බැගින් ප‍්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතුය. තවද සෑම වසරකම පුවත්පත් ලියාපදිංචිය අළුත් කළ යුතුය

දිනපතා පුවත්පතක්

රු 5000
  • ලියාපදිංචි කිරීම හෝ ලියාපදිංචිය අළුත් කිරීම

සතිපතා පුවත්පතක්

රු 3000
  • ලියාපදිංචි කිරීම හෝ ලියාපදිංචිය අළුත් කිරීම

වෙනත් යම් පුවත්පතක්

රු. 2000
  • ලියාපදිංචි කිරීම හෝ ලියාපදිංචිය අළුත් කිරීම

පුවත්පත් පැමිණිලි භාර ගැනීම

ශ්‍රී ලංකාව තුළ ප‍්‍රකාශයට පත් කරනු ලබන කවර හෝ පුවත්පතක, කිසියම් තැනැත්තකු/ ආයතනයක් සම්බන්ධයෙන් සාවද්‍ය පුවත්/වාර්තා/ලිපි ඡුායාරූප පළ කිරීමේ හේතුවෙන් එවැනි තැනැත්තකු/ ආයතනයකට මානසික පීඩාවක්, අවමානයක් ඇති වී නම් ඒ පිළිබඳ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙත පැමිණිලි කළ හැකිවේ. පැමිණිල්ල ලද පසු ඒ ගැන 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතට අනුව නිසි විමර්ශනයක් කොට නීති ප‍්‍රකාර කටයුතු කරනු ලැබේ.

ඒ අනුව අදාල පැමිණිල්ල මෙහි සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

පුවත්පත් කොමසාරිස්
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය
නො:155/15,
කාසල් වීදිය, බොරැල්ල,
කොළඹ 08.

වැඩිදුර විමසීම්

දු.අ./ෆැක්ස් - 011 2693271
වෙබ් අඩවිය- www.slpc.lk
Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
නො: 155/15,
කාසල් වීදිය, කොළඹ 08.
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271