egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

"මාධ්‍ය සමීක්ෂා - iv” ශාස්ත්‍රීය කෘතිය එළිදැක්වීම

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් ප්‍රකාශිත "මාධ්‍ය සමීක්ෂා - iv” ශාස්ත්‍රීය කෘතිය එළිදැක්වීමේ උත්සවය 2022 මාර්තු 02 වැනිදා රජයේ දෙපාර්තමේන්තු ශ්‍රවණගාරයේදී පැවැත්වුණි. ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වුණි.

"මාධ්‍ය සමීක්ෂා - iv” කෘතිය ආචාර්ය එඩ්වින් ආරියදාස උපහාර කලාපය ලෙස නම් කර තිබේ.

උත්සවයේ ප්‍රධාන දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පැවැත්වූ අතර උපහාර කලාප ශාස්ත්‍රීය දේශනය ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් පවත්වනු ලැබීය.

ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාට උපහාර දක්වමින් එතුමාගේ ඥාතියෙකු වෙත උපහාර කලාපය මෙහිදී පිළිගන්වන ලදි.

පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශවලට අදාළව ශාස්ත්‍රීය කෘති 13 ක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මීට පෙර ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව "මාධ්‍ය සමීක්ෂා - iv" මෙවර කලාපය "සමාජ මාධ්‍යයේ නැගීම” ලෙස නම් කර තිබේ.

සමාජ මාධ්‍ය පිළිබඳ විද්වතුන් රැසක් මෙවර කලාපය සඳහා ලිපි ඉදිරිපත් කර ඇත.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
නො: 155/15,
කාසල් වීදිය, කොළඹ 08.
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271