egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

රටා මවන වේවැල් - වාර්තා වැඩසටහන

ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන මාධ්ය අධ්යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 8 වන කණ්ඩායමේ සිසුන් විසින් සිය ප්‍රථම වාර්තා වැඩසටහන "රටා මවන වේවැල් " පසුගියදා රූපගත කරන ලද්දේ හිදීය.මෙහිදී ලංකාවේ සාම්ප්‍රදායික වේවැල් කර්මාන්තය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පර්යේෂණාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ඔවුන් සමත් විය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ විද්වත් සමුළුව
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ විද්වත් සමුළු මාලාවේ පළමු සමුළුව 2021 ජනවාරි මස 16 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණ. මෙහි පළමු සැසිය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ජනසන්නිවේදන අධ්‍යනාංශවල කථිකාචාර්යවරුන් හා ජේෂ්ඨ කථිකාචාර්යවරුන් සමඟ පැවැත්වුණු අතර එහිදී පුවත්පත් මණ්ඩල පනත ප්‍රතිව්‍යුහගත කිරීම හා එයට අදාළ න්‍යායික හා සංකල්පමය කරුණු සාකච්ඡා කරන ලදී. මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය , කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ජේෂ්ඨ කථිකාචාර්යවරුන් සහභාගී විය.

එසේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මැතිතුමා , ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත්.පී.විජේවීර මහතා,ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහතුන්, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා සහ රජයේ ප්‍රවුර්ත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා ද සහභාගී විය. වැඩසටහන මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික එසේම ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසිනි.

ඉදිරියේදී පුවත්පත් කලාවේදීන් ,විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්,වෘත්තිය සමිති හා ජනමාධ්‍ය සංගම් ,අනෙකුත් අදාළ කණ්ඩායම් සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සමග ද මෙවැනි සමුළු පැවැත්වීමට සැලසුම් කර ඇත.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271