egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවය පසුගියදා (2019. 08. 16) ගරු ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

පාඨමාලාවේ සමායෝජකතුමන් ලෙස කටයුතු කරන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා "නූතන ජනමාධ්‍යවේදියා හමුවේ පවතින අභියෝග" මැයෙන් මුඛ්‍ය දේශනය පැවැත්‍ වූ අතර මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා, ශ්‍රී ලංකා පුවතපත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය, පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, සහකාර කොමසාරිස් අයේශ් විජයසිංහ මහතා, ගණකාධිකාරී කුෂාන් දේවප්‍රිය මහතා, පාඨමාලාවේ සම්පත් දායකයෝ , ,එයට සහභාගි වන සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියෝ සහභාගි වූහ.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සම්පාදිත නවතම ප්‍රකාශනය වන "සන්නිවේදන අධ්‍යයන පාරිභාෂික ශබ්ද මාලාව" ද ගරු අමාත්‍යතුමන්ට හා සමභාවනීය අමුත්තන් වෙනුවෙන් මෙහිදී පිරිනැමිණි.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271