egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 50 වැනි සංවත්සර සැමරුම

 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 50 වැනි සංවත්සර සැමරුම 2023.12.09 වැනිදා රාජගිරිය බැංකු විදුපියස ආයතනයේදී පැවැත්වුණි. එහිදී පනස්වන සංවත්සර සැමරුමට සමගාමීව මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ - ix වැනි කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානය, පුවත්පත් මණ්ඩලයේ නවතම ශාස්ත්‍රීය ප්‍රකාශනය වන මාධ්‍ය සමීක්ෂා - v" ග්‍රන්ථය එළිදැක්වීම , ජනමාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීම සහ මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන්ගේ සේවය අගයමින් ඔවුන්ට සමරු තිළිණ හා කාර්ය සාධන ඇගයීම් සහතිකපත් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණ. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයට මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ, පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, මණ්ඩලයේ හිටපු සභාපතිවරුන් හා කොමසාරිස්වරුන් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටිහය. උත්සවයේ මුඛ්‍ය දේශනය මහාචාර්ය දිනේෂ් සමරසිංහ මහතා විසින් පවත්වනු ලැබීය. 

සමාරම්භක උත්සවය

  

ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය- IX වන කණ්ඩායම

 

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නවතම ප්‍රකාශනය - "මාධ්‍ය සමීක්ෂා V" ශාස්ත්‍රීය සඟරාව එළිදැක්වීම

  

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා සමරු තිළිණ සහ කාර්ය සාධන ඇගයීම් සහතිකපත් පිරිනැමීම

 

ජනමාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීම

 

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271