egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

පුවත්පත්වලට එරෙහිව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට ලැබෙන පැමිණිලි විභාග කිරීම සම්බන්ධ සාකච්ජාව

ශ‍්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයට ලැබෙන පැමිණිලි විභාග කිරීමේදී ඉතා සුහඳශීලීව සහ කාර්යක්‍ෂමව විභාග කළ යුතු බවට යෝජනා කරමින් ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අභිනවයෙන් පත් වූ සභාපති අධ්‍යක්‍ෂ මණ්ඩලය, පුවත්පත් කර්තෘවරුන්, නීතීඥවරුන් සහ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡුාවක් 2020.02.24 දින රාජගිරිය "බැංකු විදුපියස” පරිශ‍්‍රයේදී පැවැත්විය.

මෙහිදී විශේෂයෙන්ම සාකච්ජාව කරන ලද්දේ ජනමාධ්‍ය නිදහසේ ඇති වැදගත්කම හා ජනතා අයිතිවාසිකම්වල ඇති වැදගත්කම පිළිබඳවයි.

ඒ අනුව දෙපාර්ශවය අතර ඉතා සුහඳශීලී සාකච්ඡුාවක් සිදුවූ අතර එහිදී එකඟ වූයේ ප‍්‍රථමයෙන්ම පුවත්පත් මණ්ඩලයට සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට පෙර අදාළ පුවත්පතේ කර්තෘ අමතා ඉල්ලීමක් කිරිමේ ඇති වැදගත්කමයි.

ඒ අනුව මෙම උත්සව අවස්ථාව සඳහා සිලෝන් නිවුස් පේපර්ස් පුද්. සමාගම, එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, විජය පුවත්පත් සමාගම, උපාලි පුවත්පත් සමාගම හා එක්ස්ප‍්‍රස් නිවුස් පේපර්ස් සමාගම නියෝජනය කරමින් නියෝජිත මහතුන් සහභාගී වූහ.

ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය නියෝජනය කරමින් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද පතිරණ මහතා, අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වන ජනාධිපති නීතීඥ ප‍්‍රසන්න ලාල් ද අල්විස් මහතා, නීතීඥ ගාමිණී විජේවර්ධන මහතා, ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සහභාගී වූහ.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271