egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

මාධ්‍ය වැඩමුළු

”ගැටුම් වාර්තාකරණය හා ජනමාධ්‍යවේදීයාගේ කාර්යභාරය” - ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා වූ වැඩමුළු මාලාව - 2019 අගෝස්තු 10

ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව ති‍්‍රකුණාමලය JKAB Park Hotel ආයතනයේදී පසුගියදා ( 2019.08.10 ) පැවැත්විණි.

”ගැටුම් වාර්තාකරණය හා ජනමාධ්‍යවේදීයාගේ කාර්ය භාරය” යන මාතෘකාව යටතේ පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහභාගි විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධීපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියනමහතා , කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තෙවතාසන් සෙන්තිල්වෙලාවර් මහතාමෙදින දේශන පැවැත්වූ අතර වැඩසටහන දේශන, සංවාද හා සාකච්ජා ඇසුරින් පැවැත්විය.

ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ති‍්‍රක් ලේකම් , ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක කලූවැව මහතා ,මුදිත කාරියකරවණ මහතා එම්. ඞී.පී කුමාර ධර්මරත්න මහතා, සහ ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, සහකාර පුවත්පත් කොමසාරිස් අයේශ් විජයසිංහ මහතා සහ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ගණකාධීකාරී කුෂාන් දේවපි‍්‍රය මහතා ද සහභාගි විය.

එමෙන්ම ති‍්‍රකුණාමලය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ති‍්‍රකුණාමලය මණ්ඩපයේ සන්නිවේදනය හා භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය නවීන් රාජ් මහතා සහ එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශීෂ්‍යාවන් කිහිපදෙනෙකුද සහභාගි විය.

මෙම වැඩසටහනට සහභාගි වූ මාධ්‍යවේදීන් දන්වා සිටියේ කාලීන වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම වෘත්තීමය කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි. ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මාධ්‍ය වැඩමුලු, ප‍්‍රෘදේශීය මාධ්‍යවේදී වැඩමුලු සහ සන්නිවේදනය හා මාධ්‍ය විෂය උගන්වනු ලබන ගුරුවරුන් සඳහා වන වැඩමුලු සඳහා විමසීම්.

සහකාර පුවත්පත් කොමසාරිස්
අයේශ් විජයසිංහ මහතා - 011-2693271/ 011-204043

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271