egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

මාධ්‍ය වැඩමුළු

මාතලේ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී වැඩමුළුව 2019 මැයි 23

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ මාතලේ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුව මාතලේ" spring View” ආයතනයේදී 2019.05.22 වන දින පැවැත්විණි.

"ගැටුම් වාර්තාකරණය සහ ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය” යන මාතෘකාව යටතේ පැවැත්වුණුු මෙම වැඩමුළුව සඳහා මාතලේ දිස්ති‍්‍රක්කයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරන විශාල මාධ්‍යවේදීන් පිරිසක් සහභාගි විය.

The Island පුවත්පතේ ජෙයෂ්ඨ මාධ්‍යවේදී ශමින්ද *ර්ඩිනැන්ඩු මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ශි‍්‍ර පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ මාතලේ පොලිස් අධිකාරී කාර්යාලයේ පොලිස් අධීකාරී එස්.පී. සදනායක මහතා මෙදින දේශන පැවැත්වූ අතර වැඩසටහන දේශන සංවාද හා සාකච්ඡා ඇසුරින් පැවැත්විය.

මෙම වැඩමුළුව සඳහා මාතලේ දිස්තික් ලේකම් කාර්යාලයේ දිස්තික් ලෙකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා සහ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ද සහභාගි වූහ.

මෙම වැඩසටහනට සහභාගි වූ මාධ්‍යවේදීන් දන්වා සිටියේ කාලීින වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳව මෙවැනි දේශන පැවැත්වීම තම වෘත්තීයමය කටයුතුවලට මහත් ප‍්‍රයෝජනයක් වන බවයි.

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු, ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු සහ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය උගන්වනු ලබන ගුරුවරුන් සඳහා වන වැඩමුළු සඳහා විමසීම්.

සහකාර පුවත්පත් කොමසාරිස්
අයේශ් විඡයසිංහ මහතා :011-2693271/ 011-2040434

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271