egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

"වාසනා දිනේකි මේක" - නාඩගම් හා නූර්ති ගීත පිළිබඳ රසවින්දන වැඩසටහන

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ "වාසනා දිනේකි මේක" - නාඩගම් හා නූර්ති ගීත පිළිබඳ රසවින්දන වැඩසටහන මණ්ඩල පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණි. නාඩගම් හා නූර්ති පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත ප්‍රවීණ සංගීතවේදී ලයනල් ගුණතිලක හා පැරණි චිත්‍රපට ගීත රසික සමාජයේ සභාපති ප්‍රියන්ත ගමගේ යන මහත්වරුන්ගේ සම්පත්දායකත්වයෙන් පැවති මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරමින් ඉදිරිපත් කරනු ලැබුවේ මාධ්‍යවේදී ගාමිණී කන්දෙපොළ මහතා විසිනි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නවතම ප්‍රකාශනය වන "මාධ්‍ය සමීක්ෂා - iv" කෘතිය පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට හා සහකාර පුවත්පත් කොමසාරිස්වරුන් වන සුරෝෂන ඉරංග හා දිල්හානි විජේරත්න යන මහත්ම මහත්මීන් අතින් ලයනල් ගුණතිලක හා ප්‍රියන්ත ගමගේ යන මහත්වරුන්ට මෙහිදී පිරිනැමිණ.

ප්‍රවීණ රංගන ශිල්පී උදේනි චන්ද්‍රසිරි, ප්‍රවීණ සංගීතවේදී ජයන්ත අරවින්ද හා හිටපු සංස්කෘතික අධ්‍යක්ෂ ලීල් ගුණසේකර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වී සිටියහ. 

මෙම සම්පූර්ණ වැඩසටහන https://youtu.be/XUtPWefP5z8 ඔස්සේ නැරඹිය හැකිය.

Image