egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

"පෙරීප්ලා" හා "අනිච්ඡානුග" කෙටි චිත්‍රපට පිළිබඳ සන්නිවේදන කතිකාව

ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ "පෙරීප්ලා" හා "අනිච්ඡානුග" කෙටි චිත්රපට ද්විත්වය පිළිබඳ සන්නිවේදන කතිකාව මණ්ඩල පරිශ්රයේදී ඊයේ අතිසාර්ථකව පැවැත්වුණි. විදර්ශන කන්නන්ගර, ශර්ලි සමරසිංහ, ප්රියන්ත කොඩිප්පිලි හා ආචාර්ය දර්ශන ආශෝක කුමාර යන මහත්වරුන් සම්පත්දායකයින් ලෙස සහභාගි වූ මෙම කතිකාව මෙහෙයවීම හා සම්බන්ධීකරණය සිදුකරනු ලැබුවේ මාධ්යවේදී ගාමිණී කන්දෙපොළ මහතා විසිනි. චිත්රපට ද්විත්වය ප්රදර්ශනය කිරීමෙන් අනතුරුව සංවාද සභාව ආරම්භ වූ අතර අවසානයේ "පෙරීප්ලා" චිත්රපටයේ අධ්යක්ෂ ගයාන් ප්රනාන්දු හා "අනිච්ඡානුග" චිත්රපටයේ අධ්යක්ෂ ධනුෂ්ක විජේසූරිය යන මහත්වරු අදහස් පළකළහ. ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ, පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
සම්පූර්ණ වැඩසටහන නැරඹීමට: https://www.youtube.com/watch?v=ska0im4Yu5Y
 
 
Image