වයඹ පළාත් ගුරු පුහුණු වැඩමුළුව

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ වයඹ පළාත් උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ගුරුවරුන් සඳහා වන වැඩමුළුව 2026.07.28 වැනිදා වාරියපොළ අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.මෙහි සම්පත්දායක විද්වතුන් ලෙස ආචාර්ය සුගත් මහින්ද සෙනරත් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණි රත්නමලල යන මහත්වරු සහභාගි වූහ. පුවත්පත් කොමසාරිස් ආචාර්ය නිරෝෂණ තඹවිට, වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) ආචාර්ය ඒ්.එම්.ඩී. වෑදණ්ඩ, නියෝජ්‍ය අ්‍ධ්‍යාපන අධ්‍යක්ෂ (භාෂා හා මානව ශාස්ත්‍ර) අමිතා කුමාරි ඉලංගකෝන් යන මහත්ම මහත්මීන්, මණ්ඩලයේ නිලධාරීන් සහ ගුරුවරුන් විශාල පිරිසක් වැඩමුළුවට සහභාගි වී සිටියහ. සහභාගි වූ ගුරුවරුන්ට වැඩමුළුව අවසානයේ සහතිකපත් ලබාදීම ද සිදුකෙරිණ.