egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

පාසල් වැඩමුළු

"ජනමාධ්‍ය සාක්ෂරතාව හා රසවින්දනය” පිළිබඳ පාසල් වැඩමුළුව 2019 ඔක්තෝම්බර් 17 ,18

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ බදුල්ල හා බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයන් වල පාසල් ආවරණය වන පරිදි පාසල් මාධ්‍ය වැඩමුළු දෙකක් 2019.10.17 හා 2019.10.18 යන දෙදින පෙ.ව 9.00 ට බදුල්ල නගර ශාලා ශ‍්‍රවණාගාරයේදී හා බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේදී පැවැත්විණි.

මාධ්‍ය සාක්ෂරතාවය හා රසවින්දනය˜ පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුනු මෙම වැඩමුළු සඳහා එම අධ්‍යාපන කලාප නියෝජනය කරමින් සිසුන් 800 කට ආසන්න ප‍්‍රමාණයක් සභභාගී වු අතර කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජනසන්නිවේදන අධ්‍යයන අංශ ප‍්‍රධානී සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය වාසනා මෛති‍ මිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය් නාට්‍ය රංගකලා හා මුද්‍රා නාට්‍ය අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ප‍්‍රසන්නජිත් අබේසූරිය මහතා , මෙදින සම්පත් දායකයින් ලෙස සහභාගී විය. තවද මෙම වැඩසටහන දේශන හා සංවාද ඇසුරින් පැවැත්විය.

බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දිස්ති‍්‍රක් ලේකම්තුමිය, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධ්නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා, ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සහ ඌව පලාත් අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකතුමිය මෙි සඳහා සහභාගි විය.

තවද ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සහකාර පුවත්පත් කොමසාරිස් අයේෂ් විජයසිංහ මහතා, ගණකාධීකාරී කුෂාන් දේවපි‍්‍රය මහතා හා පාසල්වල විදුහල්පතිවරු අතුළු සම්භාවනීිය අමුත්තන් රුසක් මෙම වැඩමුළුව සඳහා සහභාගි විය.

වැඩමුළුව අවසානයේ සියළුම සිසුන් වෙනුවෙන් සහභාගිත්ව සහතිකයක් හා පාසල් වල පුස්තකාලය වෙනුවෙන් වටිනා ප‍්‍රකාශන කට්ටලයක් ලබාදීමට ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් කටයුතු කරන ලදි.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271